JavaScript seems to be disabled in your browser.

You must have JavaScript enabled in your browser to utilize the functionality of this website. Click here for instructions on enabling javascript in your browser.

අලුත් අව්රුදු ලිත 2018

නව සද බැලීම 

අභිනව චන්ද්‍ර වර්ෂය සදහා මාර්තු මස 18 වෙනි ඉරිදා දින ද අභිනව සුර්ය වංශය සදහා අප්‍රේල් මස 20 වැනි සිකුරාදා දිනද නව සද බැලීම මැනවි 

පරණ අව්රුද්ද සදහා ස්නානය

අප්‍රේල් මස 12 වන බ්‍රහස්පතින්දා දින බෝපත් යුෂ මිශ නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදී වාසය මැනවි 

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වෙනි සෙනසුරාද පුර්ව බාග 8.13 ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ 

පුණය කාලය 

අප්‍රේල් මස 14 වන සෙනසුරාදා පුරව භාග 1.49 සිට අප්‍රේල් මස 14 වන සෙනසුරාදා අපරභාග 2.37 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 14 වන සෙනසුරාද පුරව භාග 1.49 ට පළමුව, ( 13 වන සිකුරාදා ගෙවී 14 වන සෙනසුරාධා අපරභාග 2.37 දක්වා ) අහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීමද , පුණ්‍ය කාලයේ අපර කොටස තල එනම් 14 වන සෙනසුරාද දින පුරවා භාග 8.13 සිට අපරභාග 0237 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම , ගනුදෙනු කිරීම හා අහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටුකිරීමද ද මැනවි . 

අහාර පිසීම 

අප්‍රේල් මස 14 වන සෙනසුරාද පුරව භාග 10.40 ට නිල් පැහැති වස්ත්රබරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැද ගිණි මොලවා හකුරු මිෂ කිරිබතක් ද තල මිශ කැවිලි වර්ගයක් ද පිළියෙළ කරගැනීම මැනවි 

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා අහාර අනුභවය 

අප්‍රේල් මස 14 වන සෙනසුරාදා පුර්වභාග 11.53 ට නිල පැහැති වස්ත්රබරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට අහාර අනුභවය මැනවි 

හිස තෙල් ගෑම 

අප්‍රේල් මස 16 වෙනි සදුදා දින පුර්වභාග 10.16 ට උතුරු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉබුල් පත් ද තබා සුදු පති වස්ත්රබරණයෙන් සරසි තෙල් හා දිවුල් පත් මිෂ නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි 

රැකි රක්ෂා සදහා පිටත්ව යාම 

අප්‍රේල් මස 19 බ්‍රහස්පතින්දා දින කහ / රන්වන් පැහැති වස්ත්රබරණයෙන් සැරසී හකුරු මිෂ කිරිබත් හා කැවිලි වර්ගයක් අනුභව කර පුරවභාග 06.03 ට නැගෙනහිර දිශාව බලා පිටත්වීම මැනවි