JavaScript seems to be disabled in your browser.

You must have JavaScript enabled in your browser to utilize the functionality of this website. Click here for instructions on enabling javascript in your browser.

 


සැප්තැම්බර් කියන්නේ සාහිත්‍ය මාසේ. ඇත්තටම එක මාසෙකට විතරක් සාහිත්‍ය්‍යය මතක් වෙලා වැඩක් නෑ. සාහිතය කියවීම කියන එක මුළු ජීවිත කාලේ පුරාම තියෙන්න ඕන දෙයක්. අපි දකිනවා අපිට වැඩිය කාර්ය බහුල සංකීර්ණ ජීවිත ගත කරන මිනිස්සු ඉන්න ලොකේ දියුණු රටවල මිනිස්සු කියවීමට පුදුම තැනක් දෙන්නේ. අපි දකිනවා ඉඩ ලැබෙන හැම වෙලාවෙම කියවනවා. කෝච්චියේ, බස් එකේ, විතරක් නෙවෙයි සමහර අය උයන ගමන්, ටීවී බලන ගමන් කියවනවා. ඇත්තටම ඒ රටවල් දියුණු මිනිස්සු ඉන්න දියුණු රටවල් බවට පත් වෙලා තියෙන්නෙත් මේ කියවීම නිසා කියලා මොහොතකට හිතෙනවා.
ශ්‍රී ලංකාව සාක්ෂරතාවයෙන් ඉහළ රටක් වුනාට කියවීම අතින් ඉන්නේ ඉතාම පහළ තැනක. පොත් පත් කියවනවා අළුත් දැනුම හොයාගන්නවා කියන එක සමාජ පුරුද්දක්ක රගන්න අපිට බැරිවෙලා තියෙනවා. බහු තාක්ෂණික මාධ්‍ය වර්ධනය නොවුන ඉස්සර ජනතාව මීට වඩා කියෙව්වා. ඔය බහු තාක්ෂණික මාධ්‍ය අපිට වැඩිය වර්ධනය වෙලා නැද්ද ඔය බටහිර රටවල. අපිට වැඩිය ඒ රටවල මාධ්‍ය ගොඩාක් දියුණුයි. ඒත් මිනිස්සු කියවීම අත්හැරලා නෑ.අවාසනාවකට අපේ රටේ බොහෝ දෙනා කියවීමට වැඩිය බහු තාක්ෂණික මාධ්‍ය වල මුල් තැනක් දීලා තියෙන්නේ. මේ නිසා සමාජයෙන් කියවීමේ පුරුද්ද කියන එක බැහැර වෙමින් තියෙන්නේ. හොඳ පොත් 25 ක් කියවීම තව අවුරුදු 25 ක් ඉස්සරහට ජීවිතය දැකීමක් කියලා කියමනක් තියෙනවා. ඒත් අවාසනාව කියන්නේ අපේ බොහෝ දෙනා එහෙම ජීවිතය දකින්න කැමති නෑ. අද වෙන දේ බලලා අද ජීවත් වීම තමයි බොහෝ දෙනාගේ බලාපොරොත්තුව.අනාගතය ගැන හිතන්නේ නැතුව කොහාමද රටක් දියුණු වෙන්නේ.

මේ නිසා කියවීම කියන එකෙන් අපි ඈත්වීම නම් බරපතල තත්වයක්. මේ පුරුද්දෙන් ඈත් වෙන්න නම් අපි මොනවාද කරන්න ඕන. ඔව් අපිට පුළුවන් කියවීමේ පුරුද්ද ඇතිකරවන්න. ඒකට හොඳම විදිහ තමයි පොතක් වගේ දෙයක් තෑගි දෙන එක. ජීවිතේට කියවන්නේ නැති කෙනෙක් නම් පොතක් තෑගි දුන්න කියලම කියවන්න පෙළඹෙන්නේ නෑ. පුළුවන් නම් පොත තෑගි දීලා ඒ පොතේ තියෙන දේවල් ගැන එයත් එක්ක කථා කරන්න. කෙල්ලෙකුට නම් මේ වැඩේ හරියටම කරන්න පුළුවන්. මොකද පෙම්වතාට පොතක් තෑගි දීලා පෙම්වතිය ඒ ගැන කියනකොට දෙවැනි වෙන්න බැරි පෙම්වතා ඒ පොත අමාරුවෙන් අකමැත්තෙන් හරි කියවනවා. ඒකෙන් මේකෙන් කියවීමේ පුරුද්ද ඇති කර ගත්තොත් කොහොම හරි අපිට අර මුලින් කිව්ව ඉලක්ක වලට පහසුවෙන් යන්න පුලුවන්. ඒ නිසා මේ වැඩේ පටං ගන්න හොඳම මාසේ තමයි මේ සැප්තැම්බර් මාසේ . හැමෝම පොත් පත් ගැන කථාවෙන කාලේ අපිට පුළුවන් පොතක් වගේ එකක් තෑගිදෙන්න. කවුරු හරි කඩෙන් ගිහිල්ලා පොතක් ගන්නවට වඩා කාගෙන් හරි තෑග්ගක් විදිහට දෙනකොට ඒකේ වටිනාකමක් තියෙනවා.

ඒ නිසා පොතක් තෑගි දෙන්න පුරුදු වෙමු. ඒක ඔයාටත් හොඳයි, එයාටත් හොඳයි , රටටත් හොඳයි.