JavaScript seems to be disabled in your browser.

You must have JavaScript enabled in your browser to utilize the functionality of this website. Click here for instructions on enabling javascript in your browser.

 


ගොඩාක් පෙම්වතියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි පෙම්වතාට ගැලපෙන කැමති තෑග්ගක් හොයගන්නේ කොහොමද කියන එක.ගොඩක් ගෑණු ළමයි කඩවල් වල ඉන්න Salesman ලගේ උදව්වෙන් තමයි පෙම්වතාට ඕන තෑග්ග තෝරන්නේ.එහෙම නැත්තං Office එකේ ඉන්න Boys ලගෙන් තමයි ගොඩාක් අය අහන්නේ. මෙහෙම ගියාම නැති ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි හරියටම එයාට ගැලපෙන එයාට වැදගත් එකක් හොයාගන්න එකම ප්‍රශ්නයක්. මේ නිසා එයාට හරියටම හරියන තෑග්ග හොයගනිද්දි පිරිමි අයගේ ස්වභාවය ගැන ටිකක් හිතලා බලන්න වෙනවා. කොල්ලෝ ගත්තම ගොඩාක් අය ඔය ලස්සනට පරිස්සමට අරං තියන්න තියෙන තෑගි වලට වඩා එදිනෙදා ප්‍රයෝජනයකට ගන්න පුළුවන් තෑගි වලට තමයි කැමති. මොකද පිරිමි ළමයි හිතන සීමාව වෙනස්. සමහරවිට පාවිච්චි කරන්න තෑග්ගක් දුන්නම ඒක පාවිච්චි නොකර පරිස්සම් කරන අයත් ඉන්නවා.
ඒක වෙනම දෙයක්. එෟත් තෑග්ගක් දෙනකොට හිතට ගැලපෙන එකක් වෙන්න ඕන. එහෙම තෑග්ගක් දුන්නම ඒක පාවිච්චි කරන්නේ නැතුව ආදරෙන් පරිස්සම් කරන කොල්ලොත් ඉන්නවා. එහෙම නම් කොල්ලෙකුට හරියන තෑග්ගක් හොයගන්නේනේ කොහොමද? මෙන්න කොල්ලෙකුට හරියන තෑගි 5ක්

1. සුවඳ විලවුන්

සුවඳ විලවුන් කියන්නේ හොඳ තෑග්ගක්. බොහෝ සුවඳ එක්ක අපිට තියෙන්නේ මතකයක්. ඒ සුවඳ දැනෙනකොට එයාට ඔයාව මතක් වෙනවා. ඒ නිසා සුවඳ විලවුන් කියන්නේ ඉතා හොඳ තෑග්ගක්. ටිකක් මිල වැඩි වුනත් හොඳ Brand එකකින් අරං දුන්නොත් එයා ඒක කාලයක් පාවිච්චි කරයි ඔයාව මතක් කරමින්.

2.අත් ඔරලෝසු

අත් ඔරලෝසුවලට ගොඩාක් පිරිමි අය කැමතියි.ඒක නිතර දෙවේලේ අතේ තියෙන එකක්. ඒක දකින වාරයක් ගානේ ඔයාව මතක් වෙන්නත් එක්ක හොඳ මේ කාලෙට ගැලපෙන අත් ඔරලෝසුවක් වගේ දෙයකට පෙම්වතා ගොඩාක් කැමති වෙයි.

3.ටයි පටි

ටයි එකක් කියන්නේ පිරිමි අය ගොඩාක් ආඩම්බරයෙන් පළඳින එකක්. ඒ ටයි එකෙන් එයාගේ වෘත්තිය, වැදගත් කම, සමාජ තත්වය වගේ ගොඩාක් දේවල් පෙන්නුම් කරනවා.ඔයා දෙන ටයි එක දකින අය ලස්සනයි කියනකොට ඒක ගැන එයා හිතින් ආඩම්බර වෙනවා.

4.පර්ස් එකක්

පර්ස් එක කියන්නේ නිතරම පිරිමි ළමයින්ගේ අතේ තියෙන එකක්. කාන්තාවෝ වගේ බෑග් එකේ දාලා නෙවෙයි පිරිමි අය පර්ස් එක තියාගන්නේ. එක්කෝ කලිසම් සාක්කුවේ නැත්තං අතේ. මේක අතේ තියෙන වාරයක් ගානේ ඔයාව මතක් වෙන්නත් එක්ක එයාට පර්ස් එකක් දෙන එක වැදගත් වෙනවා.

5.ඇදුමක්

එක එක විලාසිතාවල ඇඳුම් වලට පිරිමි අය ගොඩාක් කැමතියි. සාමාන්‍යෙයන් Office අඳින්න ඇඳුමක් තෑගි දෙනවට වැඩිය Casual අඳින්න පුළුවන් ඇඳුමක් දෙන්න. Office ඇන්දම ඉක්මනට ඇඳුම් නාස්ති වෙන නිසා Casual එකක් දුන්නම ඒක එයා ළඟ කාලයක් තියෙයි.