JavaScript seems to be disabled in your browser.

You must have JavaScript enabled in your browser to utilize the functionality of this website. Click here for instructions on enabling javascript in your browser.

 


තෑගි දෙන එක අපි නොදන්න දෙයක් නෙවෙයි. අතීතයේ ඉඳලා අපි තෑගි දෙන්න පුරුදුයි. ශ්‍රී ලාංකිකයා කියන්නේ ආගන්තුක සත්කාරය ඉහලින්ම දන්න කට්ටියක්. මේ නිසා මේ තෑගි දෙන එකත් අපේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච දෙයක්.අපි ඉස්සර තෑග්ගක් දෙන්න කාලාන්තරයක් තිස්සේ හිතනවා. සැලසුම් කරනවා. ඒත් දැන් එහෙම කරන්න තරම් වෙලාවක් නෑ. ලොඩාක් අයට තෑගි ගැන හිතන එකත් ඔලුවට බරක්. දැන් බොහෝ දෙනා අතර කතාවෙන Online Gift Delivery කියන්නේ මොකක්ද? සරලව කිව්වොත් අන්තර්ජාලය ඔස්සේ තෑගි යවන එක. දැන් ගොඩාක් දෙනෙක්ගේ ජීවිතයම Online වෙලා ඉවරයි. මේ නිසා අපි හැමෝම අතිශය කාර්ය බහුලයි. මේ කාර්ය බහුලකම නිසා හරියට කාටහරි තෑග්ගක් තෝරා ගන්න එක බරපතල ප්‍රශ්නයක්. තෑග්ගක් තෝරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි නේ. ඒක ටිකක් හිතලා කරන්න ඕන වැඩක්.අපි වැඩ ඇරිල යනකොට හොඳ හොඳ තෑගි තියෙන Shops වහලා. ඒකටම කියලා නිවාඩුවක් දාන්නත් බෑ. මෙන්න මේ වගේ කාර්ය බහුල ලෝකෙක ජීවත්වෙන අයට හරියට කාටහරි තෑග්ගක් තෝරා ගන්න එක විශාල ප්‍රශ්නයක්. අන්න ඒ වගේ අයට තමයි මේ Online Gift Delivery පහසුකම තියෙන්නේ. මෙතනදි වෙන්නේ ඔයා වෙනුවෙන් ඔයා තෝරන තෑග්ග ඔයා කියන කෙනෙකුට තව කට්ටියක් විසින් ඔයාගේ නමින් ගිහිල්ලා දෙන එක.
ඇත්තටම මේක තමයි දැන් ලෝකේ තියෙන තෑගි යවන අළුත්ම Trend එක.ඉස්සර වගේ කට්ට කාලා තෑග්ගක් තෝරාගෙන ඒක ඔතාගෙන හංග හංග අරං ගිහිං පුදුම කරන්න දෙනවාට වඩා මෙහෙම Online Oder කරලා තෑග්ග එයාගේ අතටම ලැබුණට පස්සේ එයා පුදුම වෙයි. මේක හරි සරල පහසු ක්‍රමයක්.ඕනම දුරකට Clicks කීපයකින් ඕනම තෑග්ගක් යවන්න පුළුවන්.
මේකේ තෑගි තෝරන්න තියෙන්නේ Online නිසා කඩවල් ගානේ ගණන් අහ අහ යන්න ඕන නෑ. හිතේ හැටියට තෝරාගන්න තෑගි ගොඩාක් තියෙනවා. Shops විසිපහක විතර වත් ඇවිදලා හොයාගන්න බැරිවෙන තරම් තෑගි ගොඩාක් මේ Online Gift Delivery එකේ තියෙනවා.
ඒ නිසා එයා කැමතිම තෑග්ග තෝරා ගෙන හරියට නියම වෙලාවට යවන්න පුළුවන්.වෙලාව නාස්ති වෙන්නේ නෑ.
ඉන්ටර්නෙට් එකට ලොග් වුනා නිදහසේ අවශ්‍ය තෑග්ග තෝරාගත්තා යවන්න ඕන කෙනා , දිනය වේලාව කිව්වම ගාණට ඔයාගේ නමින් එයාගේ අතට හරියට වෙලාවට තෑග්ග යනවා. කොහොමද වැඩේ. වාසියි නේ. කාලය ඉතුරුයි, වැඩේ ලේසියි, හරියටම නියම වෙලාවටම තෑග්ග නියම තැනටම යනවා.