JavaScript seems to be disabled in your browser.

You must have JavaScript enabled in your browser to utilize the functionality of this website. Click here for instructions on enabling javascript in your browser.

 


ගෑණු ලමයි ඇත්තටම කැමතියි Surprise එකකට. ගොඩාක් පිරිමි ළමයිනුත් කැමතියි තමන්ගේ පෙම්වතිය පුදුම කරවලා ඇය ඒ පුදුමය විඳින හැටි බලාගෙන ඉන්න. මේ පුදුමයට පත්වීම තුළ තියෙනවා අමුතු ආදරණිය බවක්. ඒක පෙම්වතුන් පෙම්වතියන් හොඳින් දන්නවා. මේ නිසාම එයාව පුදුම කරන්න හැම කෙනෙක්ම උත්සහ කරනවා. මේ වෙනුවෙන් ගොඩාක් අය ගොඩාක් දේවල් කරනවා. මහ රෑ 12ට ඇහැරවලා කේක් කවනවා. හිතාගන්න බැරි වෙලාවක තෑගි අරං කඩා වදිනවා. ඒවා දැන් පරණ ක්‍රම. ඕවා ගැන එයා හොඳට දන්නවා.

මේ නිසා ඇයව පුදුමයට පත් කරන්න අළුත් ක්‍රම හොයාගන්න වෙනවා. කොහොමත් ආදරේ කරන කෙනා ඇය කැමති අකමැති ආස කරන දේවල් හොඳටම දන්නවා. එහෙම දන්නවා නම් එයාව පුදුම කරන්න තව දෙපාරක් හිතන්න දෙයක් නෑ. මෙන්න අපෙන් අළුත්ම ක්‍රමයක් එයාව පුදුම කරවන්න.

මෙන්න මේ අපි කියන පියවර හරියටම කරන්න. අපි කියමු එයාගේ බර්ත් ඩේ එක කියලා. අර මුලින් කිව්ව විදිහට එයා කැමති දේ මොනවද කියලා හරියට ම කලින් දැනගෙන එයාව ගොඩාක් සතුටට පත් කරන්න පුළුවන් තෑග්ගක් තෝරා ගන්න. ඊට පස්සේ ඒ තෑග්ග Online Oder කරන්න.

දැන් අදාල දවසේ කොහොමත් ඔය දෙන්නා Meet වෙනවාම නේ. එහෙම එයාව Meet වෙන්න යනකොට වෙන පුංචි මොකක් හරි Common තෑග්ගක් අරගෙන යන්න. ඒක එයා කැමතිම එකක් වෙන්නම ඕන නෑ. මොකක් හරි එකක්. ඒක ඇයට ඒක දුන්නම එක්කෝ ඇය ඒකෙන් සෑහිමකට පත්වෙයි. නැත්තං සෑහීමකට පත්වූනා වගේ ඉඳියි. මේ සිද්ධිය වුනාට පස්සේ ඔය දෙන්නා ඉන්න අතරට අර Online Gift එක එන විදිහට කලින් Plan කරන්න.හරියටම නියම වෙලාවටම ඒ Online Gift එක ගේන සර්විස් එකක් තෝරාගන්න. නැත්තං වැඩේ අවුල්.

Online සර්විස් එකෙන් ඒ තෑග්ග ගෙනල්ලා දෙනකොට ඔයත් පුදුම වෙන්න. සැකයෙන් වගේ අහන්න කවුද ඒ තෑග්ග එවලා තියෙන්නේ කියලා. එයා තෑග්ග ලිහලා බලලා Surprise වෙන හැටි බලන්න.