JavaScript seems to be disabled in your browser.

You must have JavaScript enabled in your browser to utilize the functionality of this website. Click here for instructions on enabling javascript in your browser.

 


පාවිච්චි කරන පර්ෆියුම් එක කියන්නේ පුද්ගලයෙක් මුණ ගැහිලා කථා කරන්න කලින්ම දැනෙන එකක්. මේ නිසාම ඔයා එයාට පර්ෆියුම් තෝරා ගනිද්දි අපි ගොඩාක් දුර හිතන්න ඕන. මොකද ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ගැන ඕනම කෙනෙකුට වචනයක්වත් නොකියා කියන්න හොඳ ක්‍රමයක් තමයි මේ පර්ෆියුම් එක. ඒ කියන්නේ අපි නොදන්නවට පර්ෆියුම් එකකින් එළියට එන්නේ අපේ Personality එක. මේ නිසා එයාට හරියන පර්ෆියුම් එක තෝරා ගනිද්දි එයාගේ Personality එකට, රස්සාවට, එයා කැමති අකමැති දේවල් විතරක් නෙවෙයි එයාගේ ආකල්ප , ක්‍රියාවන් ගැනත් හිතන්න වෙනවා. මේ නිසා අර වෙනදා වගේ ඔයාට ටෙස්ට් කරලා බලැවුම “ෂා.. මාර සුවදයි ..“ කියලා හිතෙන ඒවා තෑගි කරන්න එපා. එහෙනම් එයාට හරියනම පර්ෆියුම් එත තෝරා ගන්නේ කොහොමද?


මෙන්න ඒ විස්තර

අපිට එක එක සවුඳ එන පර්ෆියුම් වර්ග විශාල සංඛ්‍යාවක් තියෙනවා. හැම එකක්ම ටෙස්ට් කරලා බැලුවම ඔක්කොම හොඳයි වගේ. මෙන්න මෙතනදි මුහුණ දෙන දුෂ්කරතාවයෙන් ගලවාගන්න තමයි මේ උත්සාහය. අපි මෙහෙම ගනිමු සාමාන්‍යෙයන් ප්‍රධාන වශයෙන් ගත්තම පර්ෆියුම් වර්ග 5කට බෙදා දක්වන සම්ප්‍රාදායක් තමයි ලොකේ තියෙන්නේ.ඒ වා floral, fruity, oriental, green,සහ woody කියලා තමයි හඳුන්වන්නේ. මේ අතරින් floral වර්ග සාමාන්‍යෙයන් හරියන්නේ කාන්තාවන්ට විතරයි.

Woody Perfumes

Woody Perfumes කියන්නේ ඔය එක එක ලී වර්ග එ කියන්නේ සඳුන්, දේවදාර,පැචෝලි, වල්ලපට්ටා වගේ ගස් වලින් ගන්න විවිධ සුවඳ වර්ග වලට. පරිසරයට ආදරය කරන ගැඹුරින් හිතන අයට මේ වර්ගයේ පර්ෆියුම් ගැලපෙනවා. එයා එහෙම කෙනෙක් කියලා ලොකෙටම පෙන්වන්න තියෙන හොඳම අවස්ථාව තමයි Woody Perfumes තෝරා ගන්න එක්ක . මෙන්න ලෝකයේ හොඳම Woody Perfumes වර්ග 5 ක්.

1. Paco Rabanne 1 Million Intense
2. Tom Ford Oud Wood
3. Givenchy Gentlemen Only Casual Chic
4. Gucci Guilty
5. Dsquared2 He Wood Rocky Mountain

Oriental Perfumes

Oriental Perfumes කියන්නේ සාම්ප්‍රදායික විවිධ සුවඳ වර්ග රැසක් සහිත පර්ෆියුම් වලට. ඔය කුරුඳු, කරාබු නැටි, වැනිලා වගේ සාම්ප්‍රදායික සුවඳකාරක වලින් තමයි මේවා හදන්නේ.මේ Oriental Perfumes පිරිමි අයට වගේම කාන්තාවන්ටත් ගැලපෙනවා. ගොඩාක් වෙලාවට අදි සංවේදී, අනිත් අය ගැන ගොඩාක් හිතර පරාර්ථකාමී අය වගේම තමන්ටම කියලා අනන්‍යතාවක් ගොඩනගාගත්තු අය මේ වර්ලයේ පර්ෆියුම් වලට කැමැත්තක් දක්වනවා. මේ නිසා එයා එහෙම කෙනෙක් නම් මේ Oriental Perfume එකක් තෝරා ගන්න. මෙන්න ලෝකයේ දැනට තියෙන Oriental Perfumes වලින් පිරිම අයට පාවිච්චි කරන්න පුළුවන් හොඳම පර්ෆියුම් වර්ග ටික.

01.Cologne Intense Oud & Bergamot By Jo Malone
02. Labdanum 18 By Le Labo
03.Atelier d’Orient Rive d’Ambre By Tom Ford
04.Eau Lente By Diptyque
5.Fourreau Noir By Serge Lutens

Fruity Perfumes

Fruity Perfumes කියන්නේ විවිධ පළතුරු වර්ග වලින් හඳන පර්ෆියුම් වර්ග වලට. සාමාන්‍යෙයන් මේ වර්ගයේ පර්ෆියුම් වැඩි වශයෙන් කාන්තාවන් සඳහා සුදුසුයි කියලා ගොඩාක් දෙනෙක් හිතුවට ලෝකයේ පිරිමි අය වෙනුවෙන් හදපු Fruity Perfumes තියෙනවා අතිශය ජනප්‍රිය වුන. මිදි, ස්ට්‍රෝබෙරි, පීච්, කොමඩු,බ්ලූබෙරි වගේ විවිධ පලතුරු වල සුවඳ සහිත පර්ෆියුම් වර්ග තියෙනවා. ඒවා අතරින් ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්ට දෙන්න හොඳ පර්ෆියුම් එකක් තෝරාගන්න පුළුවන්. තාරුණ්‍යය, ජවය, ශක්තිය වගේ සංකල්ප තමයි මේ වර්ගයේ පර්ෆියුම් වලින් නිරූපණය වෙන්නේ. මෙන්න ලෝකයේ හොඳම Fruity Perfumes වර්ග.

1.C.O. Bigelow Citrus Vetiver Cologne Mist
2.White Citrus for Men
3.Shiseido Zen for Men
4.Tom Ford Neroli Portofino Aqua Eau De Toilette
5.Mister Marvelous Eau De Parfum by Byredo Parfums

Green Perfumes

විවිධ ශාක පත්‍ර වලින් හදන පර්ෆියුම්වර්ගවලට තමයි Green Perfumes කියන්නේ. මේ Green Perfumes තෝරා ගන්න එකෙන් එක් එක් පුද්ගලයාගේ අරමුණුශීලීත්වය, ආත්ම විශ්වාසය වගේ සංකල්ප කැපිලා පේනවා. මේ නිසා පුද්ගලයෙකුගේ ධෛර්‍යවන්ත බව පෙන්වන්න මේ Green Perfumes නියමයි. එයා එහෙම දිරිමත් කෙනෙක් නම් අධිශ්ඨාන ශක්තිය අතින් ඉහළ නම්, ටාගට් එකට වැඩ කරන්න පුළුවන් කෙනෙක් නම් ගැලපෙන්නේම මේ Green Perfumes වර්ග. ලෝකයේ හොඳම Green Perfumes වර්ග මෙන්න.

1.Acqua di Parma (Blu Mediterraneo)—Mirto di Panarea
2.Bulgari—Aqua Pour Homme Marine: Toniq
3.Davidoff—Cool Water 4.Eau d'Italie—Jardin du Poete
5.Express—Honor

තෑග්ගක් දෙනකොට ඒකේ වටිනාකම වැඩිවෙන්නේ මේ විදිහට එයාට ගැලපෙනම තෑග්ග හොයලා දෙනකොට. මොකද ඔහේ ඔයාට කැමති සුවදක් එයාට තෑගි දෙනවට වඩා එයාට ගැලපෙන සුවඳ,එයාගේ ගති ලක්ෂන පෙන්නුම් කරන සවුඳ තෝරාගෙන තෑගි දෙන්න.