JavaScript seems to be disabled in your browser.

You must have JavaScript enabled in your browser to utilize the functionality of this website. Click here for instructions on enabling javascript in your browser.

 


ඔන්න ගොඩක් අයට විශේෂ ආසාවෙන් බලන් හිටපු දවසක් ලඟ ලඟම එනවා.. ඔව් මම කිවුවේ වැලන්ටයින් ගැන තමයි. ලෝක ආදරවන්තයන්ගේ දිනය ගැන කොයි කවුරුත් හොඳ හැටි දන්නවනේ. 90 ගණන් වල මැද හරියක් වගේ කාලෙක ඉදන් අපේ කට්ටියත් හරි හරියට මේ වැලන්ටයින් සමරනවා කොච්චර කොහොම සැමරුවත් ඉතිං අපි පොංඩ්ඩක් හොයලා බලමු හැමෝම දන්න, අහල, දැකල තියෙන වැලන්ටයින් දවස ගැන හැමෝම නොදන්න, කතන්දර ටිකක්.

වැලන්ටයින් ආරම්භය කවද්ද?

ආදරවන්තයින්ගේ දවස එහෙමත් නැත්නම් වැලන්ටයින් දවස විදියට සලකන්නේ පෙබරවාරි මාසේ 14 වැනිදා තමයි. ඒත් ඇයි ආදරවන්තයින්ගේ දවස දාහතර වෙනිදාට ම යෙදුණෙ. මොකක්ද හේතුව. වැලන්ටයින් කියන දවස හැදුන හැටි ගැන එක එක කතා තියනවා. ගොඩක් අය පිළිගන්න කතාව තමයි,

අතීත රෝම අධිරාජයෙක් වෙච්ච දෙවැනි ක්ලෝඩියස් අධිරාජයාගේ කාලෙ සොල්දාදුවන්ට විවාහ වෙන්න බැහැයි කියලා නීතියක් තදින්ම ක්‍රියාත්මක වුණා. මොකද අධිරාජයා හිතුවා අවිවාහක සෙබළුන්ට වඩා විවාහක සෙබළුන් ශක්තියෙන් අඩුයි කියලා.. මේ කොහොම උනත් ආදරවන්තයින් ගැන අනුකම්පාවෙන් බලපු වැලන්ටයින් කියන පූජකවරයා අධිරාජ්යයාටත් හොරෙන්ම, ආදරෙන් හිටපු සොල්දාදුවන් හා ඔවුන්ගේ පෙම්වතියන් රහසින්ම බන්දවන්න කටයුතු කළා.කොහොම උනත් මේ ගැන ආරංචි වුණ අධිරාජ්යයා මේ වැලන්ටයින් කියන පූජකවරයාව මරණ දණ්ඩනයට නියම කළා. කොහොමහරි ඔහුව මරණයට පත් කළේ පෙබරවාරි මාසයේ 14 වෙනි දවසක.

ඉතින් වැලන්ටයින් කියන දවස ආදරවන්තයින් වෙනුවෙන්ම වෙන් වෙන්න ගත්තේ මෙන්න මේ හේතුව නිසා තමයි. ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියලා හිතන ආදරවන්තයින් වැලන්ටයින් දවසේදී තමන්ගෙ ආදරවන්තියට හෝ ආදරවන්තයාට තෑග්ගක් දෙන්නම් අමතක කරන්නෙම නෑ...

මොනාද මේ පාර වැලන්ටයින් එකට මම එයාට දෙන්නේ..!!

* තෑගී.... තෑගී.....

ඔන්න ඉතිං නොදන්න අයට දැනගන්න හැම විස්තරයක්ම කීවා මොනා කීවත් තාම ඕනම කරන විස්තරේ නම් ලැබුනේ නෑ එහෙම නේද..? හරි හරි අපි දැන් බලමු ඔයාගේ පෙමිවතාට පෙම්වතියට දෙන්න පුළුවන් හොඳම වගේම ඔයාගේ සාක්කුවටත් හරියන තෑගි මොනාද කියලා හැබැයි ඉතිං ඒ තෑගි එයා කැමති ඒවා වෙන්නත් ඔනේ හොඳද! නැත්තං මොනා දුන්නත්ත කොච්චර වටිනවා උනත් වැඩක් නෑ එයා ඒවට අකමැතී නම්...

1) ආදරයේ සංකේතය රෝස මල

රෝසමල් කියන්නෙ වැලන්ටයින් දවසේ වැඩි වැඩියෙන්ම හුවමාරුවෙන තෑග්ගක්. ගොඩක් අයට මේක තමයි තමන්ගේ ආදරයෙ සංකේතය. ආදරයේ දෙවඟන විදිහට සැලකෙන වීනස් දෙවඟනගෙ ප්‍රියතම මල විදියට සැලකෙන්නේ රෝස මල තමයි. ඉතින් මේ හේතුව නිසා තමයි රෝස මල ආදරවන්තයින්ට මේ තරම් වැදගත් වෙන්නේ. ලස්සන ල් පොකුරක් වැලන්ටයින් දවසේ දෙන්න පුලුවන් නම් තිං වැඩේ ගොඩක්ම ලේසියි. තෑග්ගක් න් ඕනේ කියලා මතක් උනේ එයාව හම්බෙන්න යන්න ඔන්න මෙන්න තියලද එහෙමනම් ඉතින් මේක තමයි එකම ලෙහෙසිම පහසු විදි. හැබැයි දිස්සියට රෝස මලක් හොයාගන් බැරි උනානම් තිං කරන් දෙයක් නෑ. පටස් ගාලා වෙන මලක්වත් දීලා ශේප් වෙන එක තමා කරන්න තියෙන හොඳම දේ.

 

2) වැලන්ටයින් සහ චොකලට්

චොකලට් කියන්නෙ ආදරවන්තයින්ගේ නිල ආහාර වේල වගේ තමා. වැලන්ටයින් දවසෙ වැඩිපුරම හුවමාරු වෙන කෑම වර්ගය තමා චොකලට් කියන්නේ. ඉතින් එක එක විදිහෙ එක එක හැඩවලින් ඕන තරම් තෑගි ගන්න ඔයාට පුළුවන් ඒ නිසා බයක් වෙන්න එපා වෙළඳපොලේ ඇති තරම් චොක්ලට් වර්ග තියෙනවා. ඔයාට රු. 100 වගේ ඉඳන් රු. 10,000 විතර වෙනකම්ම තියෙනවා. සමහර ඒවා ඊටත් වඩා මිල අධිකයි.. එයා චොක්ලට් කන්න ආසයි නම් ඔයාගේ පොකට් එකට ගැලැපෙන එකක් අරන් යන්න තමයි තියෙන්නේ. කෝහොමත් මේ තෑගි තමා අද කාලේ කොල්ලෝ කෙල්ලෝ අතර ගොඩක් ජනප්‍රිය.

 

3) එයා කැමති සුවඳ



තෑගිවලට දෙන නොයෙකුත් දේවල් අතරේ හුගක් අය අතර ප්‍රසිද්ධ තවත් දෙයක් තමයි
perfume එහෙමත් නැත්නම් සුවඳ විලවුන්. එයා කැමති මොකක් හරි සුවඳක් ඔයා දන්නවනම් මේ වැඩේ කරන්න ගොඩාක් ලේසියි මොකද සුවඳ කියන්නේ එක එක්කෙනාට එක එක විදියට දැනෙන දෙයක්. එක එක සුවඳ විලවුන් අතරින් එයා කැමති විදියේ එකක් හොයාගන්න අමාරුනම්. කරන්න තියෙන හොඳම දේ තමයි branded, කම්පැනි එකක floral සුවඳ තියෙන සුවඳ විලවුන් එකක් හරි fragrance type එකේ එකක් හරි ගන්න එක තමා මොකද ඒ සුවඳ විළවුන් වර්ග නිෂ්පාදනය කරන්නේ හැමෝටම වගේ ගැලපෙන විදිහටයි. තව දෙයක් මේ තෑග්ගට මහ ලොකු වියදමක් යන්නෙත් නෑ අවම රු. 500 වගේ ගණන් වල ඉඳලා ඉහළට සුවඳ විලවුන් වර්ග ගන්න පුළුවන්.

4) දැනෙන්න දෙන්න

කලින් කිව්ව තෑගි වගේ නම් නෙවෙයි මේ කතා කරන්න යන්නේ ටිකක් පොකට් එකට හොඳටම දැනෙන තෑග්ගක්. හැබැයි ඉතින් වටිනාකමින් නම් අනිත් හැම එකකටම වඩා උඩින්ම තියෙනවා. ඔයාට පුළුවන් එයාගේ අතට ගැළපෙන මුද්දක් හරි, බෙල්ලට ගැලපෙන මාලයක් හරි එයාට හිත යන design එකකින් අරන් දෙන්න. ගොඩක් සංකීර්ණ නැති ලස්සන දෙයක් ටිකක් චාම් එකක් දෙනවනම් ගොඩක් හොඳයි. මොකද ගොඩක් අය කැමති විදියට. තව ඉතිං ගෑනු ළමයෙක් නම් කරාඹු දෙකක් වුණත් කමක් නෑ.


5) මේකත් නරකම නෑ..

මල් චොක්ලට් රත්තරන් වගේ නෙවෙයි watch එකක් කියන්නේ... ඒක හොඳ ්‍රෑන්ඩඩ් එකක්නම් ගොඩක් කාලයක් පළඳින්න පුළුවන්. ඉතිං අනිත් අය දෙනවා වගේ නෙමෙයි වෙනස්ම විදියේ තෑග්ගක් තමයි watch එකක් කියන්නේ. එක එක සයිස් වල එක එක හැඩයෙන් ඕනතරම් watches ඔයාට හොයා ගන්න එක ඒ තරම් අමාරු නෑ.. ඔයාට පුලුවන්නම් එයාට දෙන්න මේකත් හොදම හොද තෑග්ගක්.

 

මේ වගේ ඕන තරම් තෑගි වර්ග නම් ඔයාට ගන්න පුළුවන් ඒත් කොහොමද අපි මේ තෑගි ගන්නේ, කොහෙන්ද?..

ඔව් ඔව් කඩේකට ගියා ගත්තා හොඳට පැක් කරා එයාට දුන්නා ඕකනේ සාමාන්‍ය ක්‍රමේ. ඒකේ වැරැද්දක් නම් නෑ ඒත් ඉතිං කාර්යබහුල ඔයාට කඩේ දුවනවට වඩා ලේසි නැද්ද online market එක්කින් order කරලා එයාගේ අතටම යවන එක. online market නම් ඉහේ කෙස් ගානට ඒත් විශේෂයෙන්ම කියන්න ඔනේ ඒ හැම එකක්ම විශ්වාස වන්ත නම් නෑ ඒ නිසා ඔයා ඒ ගැන නම් සැලකිලිමත් වෙන්නම ඕන හොඳද? Online order කරන ඔයාට කරන්න තියෙන්නේ පොඩි දෙයයි ඔයාට විශ්වාසවන්ත online market එකකින් ඔයාට ඕන කරන බඩු order කරලා ඒවා ලැබෙන්න ඕන ලිපිනයයි අදාල විස්තරයි දෙන එක විතරයි. හරිම ලේසියි වගේම පහසුයි.

 

මොනාද අපිට තවත් එයාට දෙන්න පුළුවන් දේවල්.!

 

පෙම්වතාට, පෙම්වතියට දෙන්න පුළුවන් තෑගි කීපයක් මිල ගනන් එක්කම බලාගන්නකෝ ඔයාම. හැබැයි ඉතින් මං මේ දාන තෑගි වලට අමතරව ගොඩක් තෑගි නම් තියෙනවා.

වෙළඳපොලට ගියපුවාම ලස්සනම ලස්සන ලොකූ teddy bear කෙනෙක්ට ඔයාගේ ගෑණු ළමයා නම් කීයටවත් අකමැති වෙන්නේ නෑ රු. 5,000ක වගේ මුදලකට ඔයාට ලොකූ teddy bear කෙනෙක් හොයාගන්න අමාරැත් නෑ.

ලස්සන රතු රෝස මල් කළඹක් අරන් එයාට හම්බෙන්න යන්න. රු. 500කට නම් වැඩි වෙයි මොකද ඉල්ලුම වැඩීනේ මේ කාලෙට.

රසම රස කේක් වර්ග රු. 1000ක් වගේ ගාණක් තමයි වෙන්නේ. ඒකත් නරකම නෑ...

අද නැතුවම බැරි දෙයක් තමයි ස්මාර්ට් දුරකතන. එයා කරමති ඇති අළුත් ස්මාර්ට් දුරකථනයකට. ඔයා දන්නවනේ ඉතිං රු. 10000 වගේ ඉඳලා එක එක බ්‍රෑන්ඩ් වලින් දුරකතන වෙළඳ පොලේ තියෙනවා.

Fresh Fruit Gift Basket වගේ තෑගිත් තියෙනවා ඕන තරම් රු. 1000ක් වගේ වෙන්නේ

ඇති වෙනකම් කන්න පුළුවන් Chocolate pack එකකුත් එයා අකමැති වෙන්නේ නම් නෑ.

එතකොට ඔයයි එයයි ඉන්න photo එකක් frame කරලා දෙන්න බලන්න හැමදාටම එයා ළඟ තියේවි..

උණු වතුර දාද්දී එක එක රූප මතුවෙන Magic Mug එක රු. 1000 ක් විතර වෙනවා. දැන් දැන් මේකත් හුඟක් ජනප්‍රිය තෑග්ගක් තමා.

අඳුම් පැළඳුම්, සපත්තු, සෙරප්පු කැමති කැමති පාටින් තියෙනවා තෝරලා බලලාම ගන්නත් පුළුවන්. තව ඔයාට තෝරගන්න ඕන තරම් තෑගි වර්ග මීටත් වඩා අඩු ගණන් වලින් ඕන තරම් තියෙනවා. මොනි ගත්තත් කමක් නෑ හොඳ දෙයක් ගන්න බලන්න. මතක තියා ගන්න එයා කැමති දෙයක්ම දෙන්න හෙඳද..!

 

 

මං මේ කීවේ එයාට ගන්න පුළුවන් තෑගි වලින් පොඩ්ඩම පොඩ්ඩක් ගැන විතරයි. ඒවගේ මීට වඩා අඩුවට මේ දවස් වල ගන්න පුළුවවන් විදියේ වට්ටම් පවා දීලා තියෙනවා...

 

මේ වැලන්ටයින් එකටත් ආදරෙන් ඉන්න තෑග්ගක් තෝරගන්න ඔන්න මමත් ඔයාට උදව් කරා. වැලන්ටයින් විතරක් නෙවෙයි හැමදාමත් එකටම ඉන්න මගෙන් ඔයාලට සුබම සුබ පැතුම්.