Sinhala Avurudu Litha 2017 – Auspicious times

Official Auspicious times for Sri Lanka New year 2017

නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 30 වන බ්‍රහස්පතින්දා දින ද අභිනව සුර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 28 වන සිකුරාදා දින ද නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 12 වන බදාදා දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවත අනුස්මරණයෙහි දී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 02.04 ට හෙවත් අප්‍රේල් මස 14 වන සිකුරාදා දින පුර්වභාග 2.04 ට සිංහල අල්ලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතිද දින අපරභාග 7.40 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පුර්වභාග 8.28 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වන බ්‍රහස්පටින්ද දින අපරභාග 7.40 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල දීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් 13 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 02.04 ට හෙවත් 14 වන සිකුරාදා දින පුරවා භාග 08.28 දක්වා පහත දැක්වෙන පරිදි අහර පිසීම, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම , හා ආහාරපාන අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටුකිරීම මැනවි.

අහර පිසීම

අප්‍රේල් මස 14 වන සිකුරාදා පුර්වභාග 5.41 ට රන්වන් පැහැති වස්ත්‍රභරණයෙන් සරසි උතුරු දිසාව බල ලිප බැඳ ගිණි මොලවා ගිතෙල් මිශ්‍ර කිරිබතක් ද අග්ගලා සහ කැවිලි වර්ගයක්ද පිළියෙළ කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා අහර අනුභවය

අප්‍රේල් මස 14 වන සිකුරාදා පුර්වභාග 7.05 ට සුදු නිල් පැහැති වස්ත්රභාරණයෙන් සරසි උතුරු දුෂාව බල සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට අහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 15 වෙනි සෙනසුරාදා නිල් පැහැති වස්ත්‍රභරණයෙන් සැරසී පුර්වභාග 11.04 ට උතුරු දිශාව බල හිසට නුග පත් ද පයට කරඳ පත් ද තබා නුගපත් මිශ්‍ර නානුද ගා තෙල් ද ගා ස්නානය මැනවි.

රැකිරක්ෂා සඳහා පිටත්ව යාම

අප්‍රේල් මස 17 වන සදුදා සුදු පැහැති වස්ත්‍රභරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරිබත් හා කැවිලි වර්ගයක් අනුභව කර පුර්වභාග 06.28 ට උතුරු දිශාව බල පිටත්ව යාම මැනවී.

 

 

NEW YEAR WISHES, GREETINGS        |       සිංහල SINHALA SMS , සුභ පැතුම් suba pathum

Leave a Reply