JavaScript seems to be disabled in your browser.

You must have JavaScript enabled in your browser to utilize the functionality of this website. Click here for instructions on enabling javascript in your browser.

 


සෑම වසරකම ලෝක ගුරු දිනය ඔක්තෝබර් 5 වනදා සමරනවා. මේ ගුරු දිනය නිල වශයෙන් සමරන්න පටං ගත්තේ වර්ෂ 1994 ඉඳලා. යුනෙස්කෝ සංවිධානය විසින් 1966 අත්සන් කරපු ප්‍රඥප්තියකට අනුව තමයි ලෝක ගුරු දිනය නිර්මාණය වෙන්නේ. “ ලොව පුරා ගුරුවරුන් අගය කිරීම, තක්සේරු කිරීම සහ වැඩිදියුණු කිරීම“ කියන අරමුණ ඇතිව තමයි ගුරු දිනය ප්‍රකාශයට පත් වෙන්නේ. 2018 අවුරුද්දේ ලෝක ගුරු දිනයේ තේමාව වෙන්නේ "අධ්‍යාපන අයිතිය යනු සුදුසුකම් ලත් ගුරුවරඅැයෙකුට ඇති අයිතියයි." කියන එක.

කොහොම වුනත් වසර ගණනාවක ඉඳලා ශ්‍රී ලංකාවේ අපිත් ලෝක් ගුරු දිනය සමරනවා තෑගි බෝග දෙනවා.එහෙම ගත්තම ගුරුවරයාට හරියන තෑග්ග තෝරා ගන්නේ කොහොමද ? මෙන්න මේ ප්‍රශ්නයේ ගොඩාක් අය හිරවෙනවා. අන්න ඒකට උත්තරය තමයි මේ කියන්න හදන්නේ.

1.තමන් විසින්ම ගෙදර හදපු තෑග්ගක් දෙන්න

තමන් විසින්ම ගෙදර හදපු තෑග්ගක් දෙන්න පුළුවන් නම් නියමයි. මොකද ඒ තෑග්ගේ Unicගතියක් තියෙනවා.තෑග්ගක වටිනාකම වැඩිවෙනවා ඒක Unic වෙන තරමට.ඒ නිසා ඔය පාට A4 කොළ ටිකක්, අරං ටිකක් Creative විදිහට හිතලා තමන් විසින්ම හදලා දෙන්න පුළුවන් තෑග්ගක් නම් ගොඩාක් හොඳයි. You tube එක සර්ච් කළාම අතින් හදාගන්න පුලුවන් ලස්සන ලස්සන දේවල් ගොඩාක් හදන විදිහ දැනගන්න පුලුවන්.

2.මේසය මත තියන උපකරණයක්

මේසය මත තියන්න පුළුවන් Desk organiser එකක් වගේ දෙයක් ගුරුවරයෙකුට ගැලපනවා. විවිධ පෑන් වර්ග පැන්සල් වර්ග, හයිලයිටර්, ටිප්එක්ස් වගේ දේවල් ඔක්කොම දාල තියන්න පුලුවන් එකක් වගේ දෙයක් දෙන්න පුළුවන්. ඒක ගොඩාක් ප්‍රයෝජනවත් එකක් වෙයි.

3.මල් පොකුරක්

ස්වාභාවික එකක් වාගේ කෘත්‍රිමව හදපු මල්පොකුරක් වගේ දෙයක් ගුරුවරයෙකුට හරියටම ගැලපෙනවා.මොකද එක් ලස්සනට කාලයක් තියාගන්න පුළුවන් නිසා. මේ මල් පොකුර වාස් එකක් එක්කම තමන් විසින්ම හදන්න පුළුවන් නම් ඒකේ වටිනාකම තව වැඩිවෙනවා අනිවාර්යයෙන්ම. ඒක ටිකක් කල් පවතින තෑග්ගක් නිසා ඔයාගේ ගුරුවරිය හො ගුරුවරයාට ඒක කාලයක් තියාගන්න පුළුවන් වෙනවා.

4.සුවඳ විලවුන්

සුවද විලවුන් කියන්නෙත් ගුරුවරයෙකුට දෙන්න පුලුවන් හොඳ තෑග්ගක් තමයි. ගුරුවරු නිතරම සුවඳ විලවුන් වර්ග භාවිත කරනවා සිසු සිසුවියන් අතර ගැවසෙන්න අවශ්‍ය නිසා . ඒ නිසා සුවඳ විලවුන් වගේ දෙයක් තෑගි දෙන එකත් හොඳ තෑග්ගක් වෙයි ගුරු දිනයට.

5.පෑනක්

ගුරුවරු කියන්නේ නිතරම පෑන භාවිත කරන අය. මේ නිසා ටිකක් වටිනා පෑනක් වගේ දෙයක් දෙන එක හරි වටිනවා. ඒක නිතර දෙවේලේ පාවිච්චි වෙනවා. නිකං පෑනක් දෙනවාට වැඩිය හොඳයි ටිකක් විතර වටිනා පෑනක් දෙන එක මොකද අත්සන් කරන්න වගේ අවස්ථාවල ඒක පාවිච්චි කරන්න පුළුවන්.

ලෝක ගුරු දිනය සමරන්න, හැමෝම දෙන තෑග්ගට වැඩිය වෙනස් විදිහට හිතන්න එතකොට නිර්මාණශීලී තෑගි දෙන්න පුළුවන්. මොකද ගුරු දිනයට ගොඩාක් තෑගි ගුරුවරුන්ට ලැබෙනවා. ඒ තෑගි අතරින් ඔයාගේ තෑග්ග Highlight වෙන්න නම් අළුතින් හිතන්නම වෙනවා. ඒ නිසා මේ උඩිං කිව්වේ ඒ වගේ ටිකක් වෙනස් එවාකිහිපයක්. ලෝක ගුරු දිනයේදී ගුරුවරුන්ට දෙන තෑගි තෝරාගන්න මේක තොරතුරු ගොඩාක් වැදගත් වේවි කියලා හිතනවා.